ISIWARA SUWASETHA
  • ඉසිවර සුවසෙත
  • ඉසිවර සුවසෙත
  • ඉසිවර සුවසෙත
  • ඉසිවර සුවසෙත
  • ඉසිවර සුවසෙත
  • ඉසිවර සුවසෙත
  • ඉසිවර සුවසෙත
  • ඉසිවර සුවසෙත
  • ඉසිවර සුවසෙත
Carousel Slideshow by Wachak.com v5.0
අපගැනAbout us
Sinhala ganna

නිරෝගි අයගේ නිරෝගිබව ආරක‍්ෂා කිරීමත් රෝගී අයගේ රෝග නැති කිරීමත් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේ පරමාර්ථයයි. රෝග අනුව කරන ප්‍රතිකාර ක්‍රමය ශෝධන ශමන වශයෙන් කොටස් දෙකකි. ශෝධන ප්‍රතිකාර වශයෙන් නස්‍ය, වමන, විරේක, වස්ති, රක්ත මෝක්‍ෂණ වශයෙන් පස් ආකාරයි. එයට පංචකර්ම විධි නමින් හැදින්වේ. එයම උපයෝගි කරගෙන කරන ප්‍රතිකාර ක්‍රමය පංචකර්ම චිකිත්සාව නමින් හැදින්වේ.The protection of the health and wellbeing of patients without the disease Ayurvedic treatment objective. There are two ways to treat the disease, calibration SHAMANA part. NASYA treated as correction, VAMANA, laxatives, enemas, red soil as MOKSHANAYA else. Known as the necessary treatment methods. Using the same method of treatment known as chemotherapy necessary treatment.


හිමාලි සදරේඛා හේරත් වන මම කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලබා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුලත්ව වසරක 5ක අධ්‍යන කාල සීමාවකින් පසුව මවගේ අභිලාශය ඔස්සේ පැමිණ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස සුදුසුකම් ලබා මව සමග එකතුව රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඇරඹුවෙමි. වෛද්‍ය විද්‍යාලයේදී අමතර විශයක් ලෙසින් උගත ජ්‍යොතිෂ ශාස්ත්‍රය මාගේ ජීවිතයේ නවතම මාවතක් වෙත පිවිසිමට අඩිතාලම දැමීය. වසර 10ක කාලසීමාවක් පුරාවට ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබදව ප්‍රවීන ගුරුවරු කිහිපදෙනෙක්ගෙන්ම අධ්‍යාපනය ලබා ජ්‍යොතිෂයට සම්බන්ධ හස්ත රේඛා, සෙත්කවි, නාමකරණය, කේන්ද්‍ර බැලීම ආදී සුවිශේෂී අංශ කිහිපයක් සදහා ඒ ඒ ක්‍ෂත්‍රයට ප්‍රවීන ගුරුවරු කිහිප දෙනෙකුගෙන්ම උගත මා අවසානයේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් වසර2ක අධ්‍යාපන කාල සීමාවකින් පසුව ජ්‍යොතිෂ ඩිප්ලෝමාවක් ලබාගෙන ජ්‍යොතිෂ ඩිප්ලෝමාවක් ලබාගෙන ජ්‍යොතිෂ ශාස්ත්‍රය වෘත්තියක් ලෙසින් ඇරඹීය. එසේම ලේක්හවුස් ආයතනයට සම්බන්ධව ප්‍රජා සත්කාරයක් ලෙසින් ගම්දනව් කරා කරා පවත්වාගෙන යනු ලබන ජ්‍යොතිෂ වැඩසටහන්, හස්ත රේඛා වැඩසටහන්, ආයුර්වේද සායන සදහා වසරක් පසා සහභාගි වෙමි. එසේම සුබසෙත පුවත්පතේද, සම්පත පුවත්පතේද, රිවිරිස පුවත්පතේද ජ්‍යොතිෂ ආයුර්වේද ලේඛිකාවක් වශයෙන් කටයුතු කරමි.
කැළණීය විශ්වවිද්‍යාලීය ජ්‍යොතිෂ ඩිප්ලෝමාධාරිනී,
ආයුර්වේද වෛද්‍ය හිමාලි හේරත්
011-2968032
071-6817621
I am Himali Sandareka Herath, studied at Vihara Maha Devi Balika Vidyalaya up to Advanced Level and entered to the Ayurvedic Medical College. After completion of 5 years education as per my ambition, joined with my mother and started treatments for patients. It paved the way to a new route of my life because of the subject Astrology I studied as a extra subject in the University. I studied astrology for about 10 years under experienced astrologists and underwent Palm reading, benevolent verses, terminology, horoscope reading under experienced teachers to the relevant fields. After two years study in the University of Kelaniya obtained a Diploma in astrology, stared same as my profession. Later joined Lake House and annually participating for programs in astrology, palm reading and Ayurvedic Clinics as a community hospitality. I am also working as a Ayurvedic and Astrology reporter for “Subasetha”, “Sampatha” and “Rivira” news papers.
University Diploma in Montessori astrologer,
Ayurvedic Medicine Himali Herath
011-2968032
071-6817621


මාගේ පියා වෛද්‍යවරයෙක්. එතුමාගේ අභාවයෙන් පසු වෙදකම ඉදිරියට ගෙනයාමට පවුලේ කිසිවෙකු උනන්දු වු බවක් මට නොපෙනුනි. මම අපොස උසස්පෙළ සමත් වී රැකියාවක් සොයමින් සිටියෙමි. එමනිසා රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට සිසුන් බදවා ගන්නාබවට ගැසට් නිවේදනයක් අනුව මම ඉල්ලුම් පත්‍රයක් යැව්වෙමි. එම ලිපිය හා වාචික පරික‍්ෂණයක් අනුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වී අවුරුදු පහක පාඨමාලාවක් හදාරා එයින් සමත්ව වසරක් තුල රෝහල් කීහිපයකම සේවය කර සහතික පත් ලබාගෙන වෛද්‍යවරියක් වශයෙන් සුදුසුකම් ලැබුවෙමි.
එයින් පසු මම කඩවත රම්මුතුගල ප්‍රදේශයේ නුවර පාර අයිනේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියෙමි. දැනට සුවසෙත වෙද මැදුර නමින් සර්වාංග රෝග හා පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමි.
ඒ අනුව මම නස්‍ය කර්මය, ශිරෝධාරා, සර්වාංගධාරා, පිටුධාරය කැවීම් ආදිය උපයෝගි කරගෙන රෝග සුවකර දෙනු ලැබේ.
දන්රුවෙන් උඩ රෝගවන පීනස, නිතර හැදෙන හිසරදය ආදිය සදහා ශීර්ෂ සම්බාහනය, මුහුණ සම්බාහනය, තෙල් ගැල්වීම ආදියත් නස්‍ය(නාසයෙන් තෙල් දමා) සෙම අස් කිරීම ආදිය කරනු ලැබේ.
රූපලව්‍යන ප්‍රතිකාර වශයෙන් හිසකෙස් අකලට ගැලවිම, අකලට කෙස් ඉදීම, කුරුලෑ ලප කැලැල් ඉවත් කිරීම ආදිය කරනු ලැබේ.
තවද රිප්ලෙක්සන් හෙරස් වලින් අත් පා සම්බාහනය කර රෝග සුවකර ගත හැකිය.
MBDA/MCF/පංචකර්ම
ආයුර්වේද වෛද්‍ය ලීලා අධිකාරි
011-2968032
071-4025091
My father was a doctor. After his death no one seemed to be coming forward to carry over his treatments. I have passed my G.C.E. (Advanced Level) and searching for a job. Seeing a gazette notice for recruiting students for Ayurvedic University I also sent an application. After a written and oral test I entered the University. After completion of a five year course, passed the examination and served in few hospitals for one year. Qualified as a Doctor after obtaining certificates.
Later I started a dispensary close to Kandy Road at Rammuthugala, Kadawatha. At present I am conducting an Ayurvedic Treatment Center in the name of “Suwasetha” for all body and panchakarma treatments.
Accordingly I cure diseases using “inhale a medicine”, “Shirodara”, “Milk Rice terment”.
Shoulder upper diseases like catarrh and headache are treated with head massage, facial massage, Oil treatment, inhale an oil by removing phlegm.
For loss of hair, gray hair, pimples, removal of maculas and scares are treated as beauticultural treatments. Hands and legs will be massaged and cure diseases by using Ayurvedic Reflection method.
MBDA/MCF/PANCHAKARMA
Ayurvedic Medicine Leela Adhikari
011-2968032
071-4025091


 
     
     
© 2015 - සියළුම හිමිකම් ඇවරිනි • ඉසිවර සුවසෙත - ශ්‍රි ලංකාව© 2015 - All Rights Reserved • Isiwara Suwasetha- SriLanka
Web Design by
Web Minds
Free counters!
Free counters! Free counters!